හෝමෝන තැන්පතු යනු හෝමෝන අඩංගු ගිනිකූරක් වැනි උපාංගයකි. එය, පුහුණුව ලත් වෘත්තිකයකු විසින් ඔබගේ අතේ සමට යටින් තැන්පත් කරන අතර, ඉන්පසු, ඉන් ගර්භණීබව වැළක්වීම සිදු කරන හෝමෝන නිදහස් කෙරේ. මේවා වසර 5ක් දක්වා ක්‍රියාකරනු ඇත. මෙම තැන්පතු ජාඩෙල් යනුවෙන්ද හැඳින්වේ. ඇතුළත් කිරීමෙන් පසු, භාවිත කරන්නා විසින් නඩත්තු කිරීම අවශ්‍ය වන්නේ අවම වශයෙන් වන අතර, ඕනෑම අවස්ථාවකදී එය ඉවත් කළ හැකිය. මෙම ක්‍රමය භාවිතා කළ හැක්කේ කාන්තාවන්ට පමණි. මෙම ක්‍රමය හා බැඳුණු සුලභ අතුරු ආබාධයක් වන්නේ දිගුකාලීන අක්‍රමවත් රුධිර වහනය වීම වන අතර, එම තත්ත්වය මෙය ඇතුළු කිරීමෙන් පසු පළමු වසරේදී විශේෂයෙන්ම සිදු විය හැකිය.
වාසෙක්ටමි යනු පිරිමින් සඳහා වන ස්ථීර උපත් පාලන ක්රමයකි. මෙහිදී සිදුවන්නේ ශුක්‍ර තරලය කරා ශුක්‍රාණු ලඟා වීම අවහිර කිරීම සඳහා සුළු සැත්කමක් කිරීමයි. ශරීරය දිගින් දිගටම ශුක්‍ර තරලය සහ ශුක්‍රාණු නිදහස් කරන මුත්, නිපදවන ශුක්‍රාණු නැවතත් ශරීරයට අවශෝෂණය කරගනී. මෙම සැත්කමෙන් පසු, ශරීරයෙන් නිදහස් වන ශුක්‍ර තරලයේ ශුක්‍රාණු අඩංගු නොවේ. වාසෙක්ටමි ක්‍රමයෙන් ඇතිවිය හැකි අතුරු අබාධ ප්‍රමාණය ඉතා අල්ප වේ.
හිස්ටරෙක්ටමි යනු කාන්තාවන් සඳහා වන ස්ථීර උපත් පාලන ක්‍රමයක් වන අතර, ඒ හරහා සිදුවන්නේ ශල්‍යකර්මයක් මගින් කාන්තාවගේ ගර්භාෂය ඉවත් කිරීමයි.
උපත් පාලන ක්‍රම පිළිබඳ තොරතුරු ලබාගත හැකි මූලාශ්‍ර රැසක් ඇත. 0112 255 5455 හරහා ඔබට පහසුවෙන්ම ශ්‍රී ලංකා පවුල් සැලසුම් සංගමය සමග සම්බන්ධ විය හැකිය. එසේම, ‘හැපි ලයිෆ්’ උපකාරක සේවය සමගද 0112 588 488 හරහා සම්බන්ධ විය හැකිය. පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිනිය හෝ සෞඛ්‍ය වෛද්‍ය කාර්යාලය සම්බන්ධ කරගැනීමද නිර්දේශ කළ හැකි අතර, ඔබට සහය වීම ඔවුන්ගේ රාජකාරියකි.
වැඩිදුර තොරතුරු සඳහා ශ්‍රී ලංකා පවුල් සැලසුම් සංගමයේ වෙබ් අඩවියට පිවිසෙන්න.
http://www.fpasrilanka.org/මෙහිදී ශල්‍යකර්මයක් සිදුනොකර පෙති භාවිතයෙන් ගබ්සාව සිදු කරයි. ඔබගේ දිව යට හෝ යෝනි මාර්ගය තුළ තබාගැනීම සඳහා දියවී යන පෙති ඇත.
ඔබට මේ පිළිබඳව තවත් දැනගැනීමට අවශ්‍ය නම්;
https://www.howtouseabortionpill.org/
howto/#mi
https://www.womenonweb.org/si/i-need-an-abortion
(තොරතුරු සිංහල සහ දෙමල යන භාෂා දෙකෙන්ම ඇත.)
මෙම ක්‍රමය අනුගමනය සිදුකිරීමේදී, බෝතලයකට සහ පොම්පයකට සම්බන්ධ සිහින් නාලයක් (කැනියුලා) භාවිත කරන අතර, ඉන් මෘදු රික්තකයක් ලැබේ.
කැනියුලාව ගර්භාෂයට ඇතුල් කරනු ලැබේ, ඉන් පසු, පොම්පය ක්‍රියාත්මක කරන අතර, පටක සෙමින් ගර්භාශයෙන් ඉවත් වේ.